ආයුබොවන්!!

සිහිකර මුණි උතුම්
වඳිම් තෙරුවන් හද බැතින්
ඔන්න සරසවි අත අරන්
බසිමි සභයට මම ඉතින්

ඔන්න සරසවි අත අරන්
බසිමි සභයට මම ඉතින්
සිහිකර මුණි උතුම්
වඳිම් තෙරුවන් හද බැතින්
සිව් දෙස පුන් කුඹුන්
මැදිව ජස සක් බෙර මැදින් – බයිල,
මඩුවේ දොර අදින්
ඇරෙයි රස ගන්නට වරෙන්

මේ මඩුවේ දොර අදින්
ඇරෙයි රස ගන්නට වරෙන්
සිව් දෙස පුන් කුඹුන්
මැදිව ජස සක් බෙර මැදින්

බ්ලොග් ලොව සිව් දෙසින්
එන්න බය්ල පොළට ඉතින් – මෙතන,
රස මී පැනි පෙරන්
දෙනව අරන් යන්න තුටින්
රස මී පැනි පෙරන්
දෙනව අරන් යන්න තුටින්
බ්ලොග් ලොව සිව් දෙසින්
එන්න බය්ල පොළට ඉතින්

 

 

බ්ලොග් ලොව මුල්ම සහ එකම බයිලා මඩුවට පැමිණි ඔබ සැම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගමු! එහෙනං මිත්‍රවරුණි අපි මේ මහා බයිල්ල සාජ්ජය දැං ආර්ම්බ කරනව.

එසේනම් රසට කැමති ඔබට ඔබට පළමු පිටුවේ ඇති

බැඳල ගහනවද ගහල බඳිනවද නම් මතෘකාව ඔස්සේ වාදයට එක්විය හැකි අතර

 

කුණු රසට කැමති ඔබට

පොදු අපේක්ෂකයා නෝනද පොල්ලද? මාතෘකව ඔස්සෙ දෙවනි පිටුවේ වාදයටද එක්විය හැක.

මිත්‍රවරුණි, මෙය සුදද වාද බයිලා සංදර්ශණයක් මිස තරඟයක් නොව්න නිසා පහත ඇති නීති රීති හොඳින් කියවා ඒ අනුව වාදයට එක් වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

1. මෙය විවෘත තරඟයකි, වයස් හෝ ප්‍රොෆයිල් සීමාවක් නැත.

2. මාතෘකා දෙකක් සඳහා වාද කෙරෙනු ඇත. බයිලා කියන්නන් හට අදාල මාතෘකාවට අනුව කියන ලෙසත් වෙනත් වැල් බයිලා ගසන විට ඒවා මකා දැමීමටත් සිදුවෙන බව සලකන්න

3. සහභාගි වන්න උපහාසයෙන් පිරි බයිලා පිළිතුරු විඳ ගන්නේයයි අපේක්ෂා කරන අතර තරඟ කරුවන්ගෙ බ්ලොග් ක්‍රියාකාරිත්වයට එපිටින් ඇති පුද්ගලික දිවිය අලලා කරන අපහාස ඉවත්කරනු ලැබේ. එමෙන්ම එවැනි බයිලා ගසන්නන්ගේ කිසිම බයිලාවක් ඉන්පසු පල නොකෙරීමටද ඉඩ ඇත.

4. තාලය; කපිරිඥ්ඥා තාලය – පසුබ්මින් ඇසෙන්නේ කපිර්ඤ්ඤා තාලය වාදනයකි. ඔබේ බයිලා ඒ අනුව රයිම් වීම බයිලාවේ අගය වැඩි කරයි.

5. මෙය සුහද සංදර්ශණයක් පමණක් නිස එක් අයකුට එකම මාතෘකාව වෙනුවෙන් ඕනාම පාර්ශවයකට පක්ශව හෝ විපක්ශව වරින් වර අදහස් දැක්විය හැක.
එසේනම්, අප්පි ප්ට්ටාන් ගමු මිත්‍රවරුණි…..!!

28 thoughts on “ආයුබොවන්!!

  1. දෙන්නං සිහිකර මං
    හරි ලාක්ෂන බයිලා
    හිටියොත් එකෙක් හරි…
    දෙමි දෙසීයට ආප්ප…

    Like

  2. වඳින පුදන ඕන එකෙක් සිහි කර වැඳලා
    බයිලා කියමු එලි වෙනකන් එළිසම රැකලා
    බයිලා කියමු එලි වෙනකන් එළිසම රැකලා
    වඳින පුදන ඕන එකෙක් සිහි කර වැඳලා

    Like

  3. දෙකක් දැක්ක උඩ තියෙනවා ලස්සන බයිලා
    පටන් ගන්න කොටම මෙවුන් ටින් එක කඩලා
    මේකද බෝල මර්තුකා මම නෑ දැකලා
    ටියුබ් ලයිට් පොල්ල මගේ තව ගැස්සෙනවා

    Like

  4. බ්ලොගර් වලින් මාකට් කර වර්ඩ්ප්‍රෙස් දීල
    ලැජ්ජ නැත්ද බොට ඉන්දික උපශාන්තය
    ලැජ්ජ නැත්ද බොට ඉන්දික උපශාන්තය
    බ්ලොගර් වලින් මාකට් කර වර්ඩ්ප්‍රෙස් දීල!

    උඩයට මාරු කරල කොපි පේස්ට් කරන සිස්ටම් එක කවුද දන්නෙ? බයිල කියන්න ලේසියි එහෙම උනානං

    Like

    • හරි මගුලකි මේකෙ ඇත සෙටින්ස් සැම කපලා
      ඇඩ්නැත ඕනෑ එකෙකුට කමෙන්ට් ඇත හදලා

      Like

  5. දෙන්නම් දන්න පද දෙක තුන අමුණා
    සබේ ඉන්න සැමගෙන් අවසර රැගෙනා
    සබේ ඉන්න සැමගෙන් අවසර රැගෙනා
    දෙන්නම් පද දෙක තුනක් අමුණා

    Like

  6. බුදුන් දහම් සඟුන් මෙතෙරුවන් වැඳ අවසර අරගෙන
    බසිනෙමි සබයට මම දැන් බයිල කියන්නට මෙලෙසින
    බසිනෙමි සබයට මම දැන් බයිල කියන්නට මෙලෙසින
    බුදුන් දහම් සඟුන් මෙතෙරුවන් වැඳ අවසර අරගෙන

    Like

    • වැඳ අවසර ගෙන, තෙරුවන් නිසි ලෙස සභයට
      බසින ඔබ පිලිගමි රස බෙදන බයිලා මඩුවට

      අප් ඔබ පිලිගමි රස බෙදන බයිලා මඩුවට
      වැඳ අවසර ගෙන, තෙරුවන් නිසි ලෙස සභයට

      Like

  7. කියන්න බැරි උනත් අනේ රසකර බයිලා
    ඇවිත් යනව සැරිං සැරේ බලන්න බයිලා
    කියන එවුං කියන්නැතැයි මඤ්ඤං බයිලා
    අපි ඉන්නව සපොට් එකට කියපං බයිලා.

    Like

    • බැහැයි කියල ඔය කිව්වට කියන්න බයිලා
      මේ ණයන්න ඔය කිව්වෙ අගට රස පද හොයලා

      මේ ණයන්න ඔය කිව්වෙ රසට රස පද හොයලා
      කියන්න අනෙ බැහැ කිව්වට ගොතලා බයිලා

      Like

  8. බයිලා කියන්නේ කොතනද ගොසිපා එතන………ඇත
    මීට වඩා චූන් එකක් මෙමට ලොවෙත්…………..නැත
    මීට වඩා චූන් එකක් මෙමට ලොවෙත්…………..නැත
    බයිලා කියන්නේ කොතනද ගොසිපා එතන………ඇත

    වාද බයිලා දුටු තැන මගෙ හිරිවැටෙනවා…………ගත
    බයිලෙන් දෙනවා සැමහට ගැලවෙන්නට…………දත
    බයිලෙන් දෙනවා සැමහට ගැලවෙන්නට…………දත
    වාද බයිලා දුටු තැන මගෙ හිරිවැටෙනවා…………ගත

    Like

    • අම්මෝ උඹ දැක්කම මගෙ හිරිවැටෙනව දත
      උඹෙ සයිට් එකේ ඇත මාර කැලි සොඳුරූ වත

      Like

      • දත හිරිවැටුනට නොහිතන් ඒ ගැන නුඹ…………….පුත
        වෙන තැන් හිරිවැටුනෝතින් පිහිට තමයි……………අත
        වෙන තැන් හිරිවැටුනෝතින් පිහිට තම……………..අත
        දත හිරිවැටුනට නොහිතන් ඒ ගැන නුඹ…………….පුත

        පලමු සයිට් එකට මගේ කෙලියා…………………ගූගල්
        විසිටර්ලා 8000 දවසට……………………………ආතල්
        විසිටර්ලා 8000 දවසට……………………………ආතල්
        පලමු සයිට් එකට මගේ කෙලියා…………………ගූගල්

        අඩලා දොඩලා කිව්වත් උන් දුන්නේ නෑ………….කල්
        හිතේ දුකට ගහනවා මම වැටෙන්න…………බෝතල්
        හිතේ දුකට ගහනවා මම වැටෙන්න………..බෝතල්
        අඩලා දොඩලා කිව්වත් උන් දුන්නේ නෑ…………කල්

        Like

        • අතේ පිහිට තමා මචන් කවද ලඟ හිටියේ
          බැන්ද කියා වෙනසක් නෑ කවදත් අපි ජොලියේ
          ගූගල් හට xකා ගන්න කියා දමා එලියේ
          වරෙන් මචං බයිල කියමු එක තැන එක පීටියේ

          උඹ බැඳලද ගැහුවේ මචෝ ගහලද බැන්දේ
          මොකද හිතන්නෙ කෝකද වැඩියෙන් අගනේ
          මචෝ මොකද කියන්නෙ, කෝකද වැඩිපුර අගනේ
          උඹ බැඳලද ගැහුවේ මචෝ ගහලද බැන්දේ

          Like

          • හැට පැන්නත් වදුරා මල්ලි යන්නේ නෑනේ………..බිම
            ඒක නිසයි අවුරැද්දක් ගහල බැන්දේ………………..මම
            ඒක නිසයි අවුරැද්දක් ගහල බැන්දේ………………..මම
            හැට පැන්නත් වදුරා මල්ලි යන්නේ නෑනේ………..බිම

            Like

  9. බයිල දැක්කහම මල්ලී-හොම්බෙන් යනවද ඉගිලී
    හොම්බෙන් යනවද ඉගිලී-බයිල දැක්කහම මල්ලී…

    දන්න උලව්වක් නෑනේ බයිලා කියලා
    කියන ඈයො අල්ලාගෙන පෝර දමාලා
    කියන ඈයො අල්ලාගෙන රෝර දමාලා
    හුරේ දාන්නං අය්යේ බයිල අසාලා…

    බයිල පොරක් ඉන්නව මෙහෙ අරූ කියාල
    මෑන් ආවොතින් අය්යේ ලෙසටම බයිලා
    මෑන් ආවොතින් අය්යේ ලෙසටම බයිලා
    අහන් ඉන්න අපිත් චූන් ඒ වගෙ බයිලා

    අහන් ඉන්න අපිත් චූන් ඒ වගෙ බයිලා
    මෑන් ආවොතින් අය්යේ ලෙසටම බයිලා

    Like

      • අරූ කියලා ඉන්නව පොරක් මෙයාලා
        ඒක ඊයෙ බීල නිදි දෙක කනේ ගසාලා

        ඒක ඊයෙ බීල නිදි දෙක කනේ ගසාලා
        අරූ කියලා ඉන්නව පොරක් මෙයාලා

        Like

  10. අරුණ මම වෙමා- දෙල්කඳ වේය මගේ ගමා
    දෙන්න මට සමා-වුනාට මෙතන පමා
    දෙන්න මට සමා-වුනාට මෙතන පමා
    අරුණ මම වෙමා- දෙල්කඳ වේය මගේ ගමා

    දන්න බුදුන් මතක් කෙරුවා මැන්ඩලින් වයා
    මම මතක් කරමි ආදරයෙන් අම්මා මගේ දයා
    මම මතක් කරමි ආදරයෙන් අම්මා මගේ දයා
    දන්න බුදුන් මතක් කෙරුවා මැන්ඩලින් වයා

    ඇතිවෙන්නට තියෙනවා මගේ මධු ජාගරය
    අපි කලත්තමුකෝ ගයා බයිලා රස සාගරය
    අපි කලත්තමුකෝ ගයා බයිලා රස සාගරය
    ඇතිවෙන්නට තියෙනවා මගේ මධු ජාගරය

    Like

  11. මුචලින්ද වගෙ ෆ්‍රොපා
    කෙළින කෙබර අසා
    පිස්සු හැදුන බොගා
    ඇනො සුවකරන්නෙ සදා

    මල්ලි….

    පිස්සු හැදුන බොගා
    ඇනො සුවකරන්නෙ සදා

    Like

  12. මම දැම්මා බයිලා පිටු තුනේම -බැබලෙන්නට සදා
    බඩ යන්නට දෙන්නේ තොපිට මමයි වෙලේ සුදා
    තොපිට බඩ යන්නට දෙනවා මේ අරූ කියන සුදා
    මම දැම්මා බයිලා පිටු තුනේම බැබලෙන්නට සදා

    Like

  13. බැඳල ගහනවද අයියෝ ගහල බඳිනවද
    ඒක ඉතින් එක එකාගෙ හැකියාවන් මත
    ඒක ඉතින් ලබා උපන් හැකියාවන් මත
    නිකන් දුන්නොතින් බොලාල බලන් ඉන්නවද

    ගහල බඳින හැමෝම වගෙ බැඳලත් ගහති
    කෝක හොඳද කියල ඉතින් ඒ අය දනිති
    කෝක හොඳද කියලා නම් ඒ අය දනිති
    මේක
    තෝර ගන්න බැරිඋන් ටික අතේම කෙලිති

    Like

  14. ிதகோஹ ஹி.ஹாகத் ி.தீ .ேபேகோஸாகே ரீத் டட,,,
    ிச்ோீ .கோக லீா ைசிோஹ ித,ேசஏ

    Office eke meke sinhala be,,,,

    ja ja ve va !!!

    Like

Leave a comment