ආයුබොවන්!!

සිහිකර මුණි උතුම්
වඳිම් තෙරුවන් හද බැතින්
ඔන්න සරසවි අත අරන්
බසිමි සභයට මම ඉතින්

ඔන්න සරසවි අත අරන්
බසිමි සභයට මම ඉතින්
සිහිකර මුණි උතුම්
වඳිම් තෙරුවන් හද බැතින්
සිව් දෙස පුන් කුඹුන්
මැදිව ජස සක් බෙර මැදින් – බයිල,
මඩුවේ දොර අදින්
ඇරෙයි රස ගන්නට වරෙන්

මේ මඩුවේ දොර අදින්
ඇරෙයි රස ගන්නට වරෙන්
සිව් දෙස පුන් කුඹුන්
මැදිව ජස සක් බෙර මැදින්

බ්ලොග් ලොව සිව් දෙසින්
එන්න බය්ල පොළට ඉතින් – මෙතන,
රස මී පැනි පෙරන්
දෙනව අරන් යන්න තුටින්
රස මී පැනි පෙරන්
දෙනව අරන් යන්න තුටින්
බ්ලොග් ලොව සිව් දෙසින්
එන්න බය්ල පොළට ඉතින්

 

 

බ්ලොග් ලොව මුල්ම සහ එකම බයිලා මඩුවට පැමිණි ඔබ සැම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගමු! එහෙනං මිත්‍රවරුණි අපි මේ මහා බයිල්ල සාජ්ජය දැං ආර්ම්බ කරනව.

එසේනම් රසට කැමති ඔබට ඔබට පළමු පිටුවේ ඇති

බැඳල ගහනවද ගහල බඳිනවද නම් මතෘකාව ඔස්සේ වාදයට එක්විය හැකි අතර

 

කුණු රසට කැමති ඔබට

පොදු අපේක්ෂකයා නෝනද පොල්ලද? මාතෘකව ඔස්සෙ දෙවනි පිටුවේ වාදයටද එක්විය හැක.

මිත්‍රවරුණි, මෙය සුදද වාද බයිලා සංදර්ශණයක් මිස තරඟයක් නොව්න නිසා පහත ඇති නීති රීති හොඳින් කියවා ඒ අනුව වාදයට එක් වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

1. මෙය විවෘත තරඟයකි, වයස් හෝ ප්‍රොෆයිල් සීමාවක් නැත.

2. මාතෘකා දෙකක් සඳහා වාද කෙරෙනු ඇත. බයිලා කියන්නන් හට අදාල මාතෘකාවට අනුව කියන ලෙසත් වෙනත් වැල් බයිලා ගසන විට ඒවා මකා දැමීමටත් සිදුවෙන බව සලකන්න

3. සහභාගි වන්න උපහාසයෙන් පිරි බයිලා පිළිතුරු විඳ ගන්නේයයි අපේක්ෂා කරන අතර තරඟ කරුවන්ගෙ බ්ලොග් ක්‍රියාකාරිත්වයට එපිටින් ඇති පුද්ගලික දිවිය අලලා කරන අපහාස ඉවත්කරනු ලැබේ. එමෙන්ම එවැනි බයිලා ගසන්නන්ගේ කිසිම බයිලාවක් ඉන්පසු පල නොකෙරීමටද ඉඩ ඇත.

4. තාලය; කපිරිඥ්ඥා තාලය – පසුබ්මින් ඇසෙන්නේ කපිර්ඤ්ඤා තාලය වාදනයකි. ඔබේ බයිලා ඒ අනුව රයිම් වීම බයිලාවේ අගය වැඩි කරයි.

5. මෙය සුහද සංදර්ශණයක් පමණක් නිස එක් අයකුට එකම මාතෘකාව වෙනුවෙන් ඕනාම පාර්ශවයකට පක්ශව හෝ විපක්ශව වරින් වර අදහස් දැක්විය හැක.
එසේනම්, අප්පි ප්ට්ටාන් ගමු මිත්‍රවරුණි…..!!