සිහිකර මුණි උතුම්
වඳිම් තෙරුවන් හද බැතින්
ඔන්න සරසවි අත අරන්
බසිමි සභයට මම ඉතින්
ඔන්න සරසවි අත අරන්
බසිමි සභයට මම ඉතින්
සිහිකර මුණි උතුම්
වඳිම් තෙරුවන් හද බැතින්
සිව් දෙස පුන් කුඹුන්
මැදිව ජස සක් බෙර මැදින් – බයිල,
මඩුවේ දොර අදින්
ඇරෙයි රස ගන්නට වරෙන්
මේ මඩුවේ දොර අදින්
ඇරෙයි රස ගන්නට වරෙන්
සිව් දෙස පුන් කුඹුන්
මැදිව ජස සක් බෙර මැදින්
බ්ලොග් ලොව සිව් දෙසින්
එන්න බය්ල පොළට ඉතින් – මෙතන,
රස මී පැනි පෙරන්
දෙනව අරන් යන්න තුටින්
රස මී පැනි පෙරන්
දෙනව අරන් යන්න තුටින්
බ්ලොග් ලොව සිව් දෙසින්
එන්න බය්ල පොළට ඉතින්
බ්ලොග් ලොව මුල්ම සහ එකම බයිලා මඩුවට පැමිණි ඔබ සැම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගමු! එහෙනං මිත්‍රවරුණි අපි මේ මහා බයිල්ල සාජ්ජය දැං ආර්ම්බ කරනව.
එසේනම් රසට කැමති ඔබට ඔබට පළමු පිටුවේ ඇති
බැඳල ගහනවද ගහල බඳිනවද නම් මතෘකාව ඔස්සේ වාදයට එක්විය හැකි අතර
කුණු රසට කැමති ඔබට
පොදු අපේක්ෂකයා නෝනද පොල්ලද? මාතෘකව ඔස්සෙ දෙවනි පිටුවේ වාදයටද එක්විය හැක.
මිත්‍රවරුණි, මෙය සුදද වාද බයිලා සංදර්ශණයක් මිස තරඟයක් නොව්න නිසා පහත ඇති නීති රීති හොඳින් කියවා ඒ අනුව වාදයට එක් වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
1. මෙය විවෘත තරඟයකි, වයස් හෝ ප්‍රොෆයිල් සීමාවක් නැත.
2. මාතෘකා දෙකක් සඳහා වාද කෙරෙනු ඇත. බයිලා කියන්නන් හට අදාල මාතෘකාවට අනුව කියන ලෙසත් වෙනත් වැල් බයිලා ගසන විට ඒවා මකා දැමීමටත් සිදුවෙන බව සලකන්න
3. සහභාගි වන්න උපහාසයෙන් පිරි බයිලා පිළිතුරු විඳ ගන්නේයයි අපේක්ෂා කරන අතර තරඟ කරුවන්ගෙ බ්ලොග් ක්‍රියාකාරිත්වයට එපිටින් ඇති පුද්ගලික දිවිය අලලා කරන අපහාස ඉවත්කරනු ලැබේ. එමෙන්ම එවැනි බයිලා ගසන්නන්ගේ කිසිම බයිලාවක් ඉන්පසු පල නොකෙරීමටද ඉඩ ඇත.
4. තාලය; කපිරිඥ්ඥා තාලය – පසුබ්මින් ඇසෙන්නේ කපිර්ඤ්ඤා තාලය වාදනයකි. ඔබේ බයිලා ඒ අනුව රයිම් වීම බයිලාවේ අගය වැඩි කරයි.
5. මෙය සුහද සංදර්ශණයක් පමණක් නිස එක් අයකුට එකම මාතෘකාව වෙනුවෙන් ඕනාම පාර්ශවයකට පක්ශව හෝ විපක්ශව වරින් වර අදහස් දැක්විය හැක.
එසේනම්, අප්පි ප්ට්ටාන් ගමු මිත්‍රවරුණි…..!!
දෙන්නං සිහිකර මං
හරි ලාක්ෂන බයිලා
හිටියොත් එකෙක් හරි…
දෙමි දෙසීයට ආප්ප…
LikeLike
වඳින පුදන ඕන එකෙක් සිහි කර වැඳලා
බයිලා කියමු එලි වෙනකන් එළිසම රැකලා
බයිලා කියමු එලි වෙනකන් එළිසම රැකලා
වඳින පුදන ඕන එකෙක් සිහි කර වැඳලා
LikeLike
දෙකක් දැක්ක උඩ තියෙනවා ලස්සන බයිලා
පටන් ගන්න කොටම මෙවුන් ටින් එක කඩලා
මේකද බෝල මර්තුකා මම නෑ දැකලා
ටියුබ් ලයිට් පොල්ල මගේ තව ගැස්සෙනවා
LikeLike
බ්ලොගර් වලින් මාකට් කර වර්ඩ්ප්‍රෙස් දීල
ලැජ්ජ නැත්ද බොට ඉන්දික උපශාන්තය
ලැජ්ජ නැත්ද බොට ඉන්දික උපශාන්තය
බ්ලොගර් වලින් මාකට් කර වර්ඩ්ප්‍රෙස් දීල!
උඩයට මාරු කරල කොපි පේස්ට් කරන සිස්ටම් එක කවුද දන්නෙ? බයිල කියන්න ලේසියි එහෙම උනානං
LikeLike
හරි මගුලකි මේකෙ ඇත සෙටින්ස් සැම කපලා
ඇඩ්නැත ඕනෑ එකෙකුට කමෙන්ට් ඇත හදලා
LikeLike
අපි බයිලා නොදනිමි. ඒත් වටේ ඉඳන් වතුර ගහන්නෙමු… ඕනේ නම් ප්ලේන්ටී එකක්, කෝපි එකක් සප්ලයි කරන්නෙමු.
LikeLike
දෙන්නම් දන්න පද දෙක තුන අමුණා
සබේ ඉන්න සැමගෙන් අවසර රැගෙනා
සබේ ඉන්න සැමගෙන් අවසර රැගෙනා
දෙන්නම් පද දෙක තුනක් අමුණා
LikeLike
යකෝ මම හැලපයා
LikeLike
කොහොමද යකෝ දන්නෙ 😀
LikeLike
බුදුන් දහම් සඟුන් මෙතෙරුවන් වැඳ අවසර අරගෙන
බසිනෙමි සබයට මම දැන් බයිල කියන්නට මෙලෙසින
බසිනෙමි සබයට මම දැන් බයිල කියන්නට මෙලෙසින
බුදුන් දහම් සඟුන් මෙතෙරුවන් වැඳ අවසර අරගෙන
LikeLike
වැඳ අවසර ගෙන, තෙරුවන් නිසි ලෙස සභයට
බසින ඔබ පිලිගමි රස බෙදන බයිලා මඩුවට
අප් ඔබ පිලිගමි රස බෙදන බයිලා මඩුවට
වැඳ අවසර ගෙන, තෙරුවන් නිසි ලෙස සභයට
LikeLike
කියන්න බැරි උනත් අනේ රසකර බයිලා
ඇවිත් යනව සැරිං සැරේ බලන්න බයිලා
කියන එවුං කියන්නැතැයි මඤ්ඤං බයිලා
අපි ඉන්නව සපොට් එකට කියපං බයිලා.
LikeLike
බැහැයි කියල ඔය කිව්වට කියන්න බයිලා
මේ ණයන්න ඔය කිව්වෙ අගට රස පද හොයලා
මේ ණයන්න ඔය කිව්වෙ රසට රස පද හොයලා
කියන්න අනෙ බැහැ කිව්වට ගොතලා බයිලා
LikeLike
බයිලා කියන්නේ කොතනද ගොසිපා එතන………ඇත
මීට වඩා චූන් එකක් මෙමට ලොවෙත්…………..නැත
මීට වඩා චූන් එකක් මෙමට ලොවෙත්…………..නැත
බයිලා කියන්නේ කොතනද ගොසිපා එතන………ඇත
වාද බයිලා දුටු තැන මගෙ හිරිවැටෙනවා…………ගත
බයිලෙන් දෙනවා සැමහට ගැලවෙන්නට…………දත
බයිලෙන් දෙනවා සැමහට ගැලවෙන්නට…………දත
වාද බයිලා දුටු තැන මගෙ හිරිවැටෙනවා…………ගත
LikeLike
අම්මෝ උඹ දැක්කම මගෙ හිරිවැටෙනව දත
උඹෙ සයිට් එකේ ඇත මාර කැලි සොඳුරූ වත
LikeLike
දත හිරිවැටුනට නොහිතන් ඒ ගැන නුඹ…………….පුත
වෙන තැන් හිරිවැටුනෝතින් පිහිට තමයි……………අත
වෙන තැන් හිරිවැටුනෝතින් පිහිට තම……………..අත
දත හිරිවැටුනට නොහිතන් ඒ ගැන නුඹ…………….පුත
පලමු සයිට් එකට මගේ කෙලියා…………………ගූගල්
විසිටර්ලා 8000 දවසට……………………………ආතල්
විසිටර්ලා 8000 දවසට……………………………ආතල්
පලමු සයිට් එකට මගේ කෙලියා…………………ගූගල්
අඩලා දොඩලා කිව්වත් උන් දුන්නේ නෑ………….කල්
හිතේ දුකට ගහනවා මම වැටෙන්න…………බෝතල්
හිතේ දුකට ගහනවා මම වැටෙන්න………..බෝතල්
අඩලා දොඩලා කිව්වත් උන් දුන්නේ නෑ…………කල්
LikeLike
විසිටර්ස්ලා වෙන්න ඕන..
LikeLike
අතේ පිහිට තමා මචන් කවද ලඟ හිටියේ
බැන්ද කියා වෙනසක් නෑ කවදත් අපි ජොලියේ
ගූගල් හට xකා ගන්න කියා දමා එලියේ
වරෙන් මචං බයිල කියමු එක තැන එක පීටියේ
උඹ බැඳලද ගැහුවේ මචෝ ගහලද බැන්දේ
මොකද හිතන්නෙ කෝකද වැඩියෙන් අගනේ
මචෝ මොකද කියන්නෙ, කෝකද වැඩිපුර අගනේ
උඹ බැඳලද ගැහුවේ මචෝ ගහලද බැන්දේ
LikeLike
හැට පැන්නත් වදුරා මල්ලි යන්නේ නෑනේ………..බිම
ඒක නිසයි අවුරැද්දක් ගහල බැන්දේ………………..මම
ඒක නිසයි අවුරැද්දක් ගහල බැන්දේ………………..මම
හැට පැන්නත් වදුරා මල්ලි යන්නේ නෑනේ………..බිම
LikeLike
බයිල දැක්කහම මල්ලී-හොම්බෙන් යනවද ඉගිලී
හොම්බෙන් යනවද ඉගිලී-බයිල දැක්කහම මල්ලී…
දන්න උලව්වක් නෑනේ බයිලා කියලා
කියන ඈයො අල්ලාගෙන පෝර දමාලා
කියන ඈයො අල්ලාගෙන රෝර දමාලා
හුරේ දාන්නං අය්යේ බයිල අසාලා…
බයිල පොරක් ඉන්නව මෙහෙ අරූ කියාල
මෑන් ආවොතින් අය්යේ ලෙසටම බයිලා
මෑන් ආවොතින් අය්යේ ලෙසටම බයිලා
අහන් ඉන්න අපිත් චූන් ඒ වගෙ බයිලා
අහන් ඉන්න අපිත් චූන් ඒ වගෙ බයිලා
මෑන් ආවොතින් අය්යේ ලෙසටම බයිලා
LikeLike
හුටා අකුරු වැරදිලා
LikeLike
අරූ කියලා ඉන්නව පොරක් මෙයාලා
ඒක ඊයෙ බීල නිදි දෙක කනේ ගසාලා
ඒක ඊයෙ බීල නිදි දෙක කනේ ගසාලා
අරූ කියලා ඉන්නව පොරක් මෙයාලා
LikeLike
අරූ නැතිව හරි පාළුයි මෙහේ මෙයාලා
වෝම් අප් එකකටවත් ගෙන්නන්නකෝ එයා මෙයාලා…..
LikeLike
අරුණ මම වෙමා- දෙල්කඳ වේය මගේ ගමා
දෙන්න මට සමා-වුනාට මෙතන පමා
දෙන්න මට සමා-වුනාට මෙතන පමා
අරුණ මම වෙමා- දෙල්කඳ වේය මගේ ගමා
දන්න බුදුන් මතක් කෙරුවා මැන්ඩලින් වයා
මම මතක් කරමි ආදරයෙන් අම්මා මගේ දයා
මම මතක් කරමි ආදරයෙන් අම්මා මගේ දයා
දන්න බුදුන් මතක් කෙරුවා මැන්ඩලින් වයා
ඇතිවෙන්නට තියෙනවා මගේ මධු ජාගරය
අපි කලත්තමුකෝ ගයා බයිලා රස සාගරය
අපි කලත්තමුකෝ ගයා බයිලා රස සාගරය
ඇතිවෙන්නට තියෙනවා මගේ මධු ජාගරය
LikeLike
මුචලින්ද වගෙ ෆ්‍රොපා
කෙළින කෙබර අසා
පිස්සු හැදුන බොගා
ඇනො සුවකරන්නෙ සදා
මල්ලි….
පිස්සු හැදුන බොගා
ඇනො සුවකරන්නෙ සදා
LikeLike
මම දැම්මා බයිලා පිටු තුනේම -බැබලෙන්නට සදා
බඩ යන්නට දෙන්නේ තොපිට මමයි වෙලේ සුදා
තොපිට බඩ යන්නට දෙනවා මේ අරූ කියන සුදා
මම දැම්මා බයිලා පිටු තුනේම බැබලෙන්නට සදා
LikeLike
බැඳල ගහනවද අයියෝ ගහල බඳිනවද
ඒක ඉතින් එක එකාගෙ හැකියාවන් මත
ඒක ඉතින් ලබා උපන් හැකියාවන් මත
නිකන් දුන්නොතින් බොලාල බලන් ඉන්නවද
ගහල බඳින හැමෝම වගෙ බැඳලත් ගහති
කෝක හොඳද කියල ඉතින් ඒ අය දනිති
කෝක හොඳද කියලා නම් ඒ අය දනිති
මේක
තෝර ගන්න බැරිඋන් ටික අතේම කෙලිති
LikeLike
ிதகோஹ ஹி.ஹாகத் ி.தீ .ேபேகோஸாகே ரீத் டட,,,
ிச்ோீ .கோக லீா ைசிோஹ ித,ேசஏ
Office eke meke sinhala be,,,,
ja ja ve va !!!
LikeLike